/
/
title icon
රිමාන්ඩ් කෙරුණු ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට
රිමාන්ඩ් කෙරුණු ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට
News Editor
14 hours ago
Share:
රිමාන්ඩ් කෙරුණු ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවේ වෛද්‍ය නිර්දේශය මත ඊයේ පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි.

ඒ මහතා අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 88 ලක්ෂ 50,000ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් 'දූෂණය' නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි නඩුව පසුගිය 29 වැනිදා යළි කැඳවූ අතර, එහිදී ඔහු මේ මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required