
රථවාහන නීතිය අද දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය රියදුරන්ට දැනුම් දෙනවා.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙන්නේ ඒ සදහා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා දිවයින පුරා යොදවන බවයි.
ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන මෙහිදී පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අමතරව විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීම, නීතිවිරෝධී සවිකිරීම් පිළිබඳවද පරීක්ෂා කිරීමට නියමිතයි.
ඝෝෂාකාරී නලා සවිකර ඇති වාහන සහ අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන සම්බන්ධයෙන් ද අද දිනයේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවා.