2025 වසරේ අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩල විසින් සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිකිරීමක් යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එලෙස ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම කොමිසම සඳහන් කරන්නේ, මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි බවයි.
වාචික අදහස් දැක්වීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි මහජන උපදේශන 9 ක් පැවත්වෙන බවද මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
වාචික අදහස් දැක්වීමේ සැසි 2025 සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වනවා.
මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ඔක්තෝබර් 07 වැනි දිනට පෙර පහත සඳහන් මාර්ග ඔස්සේ ඉදිරිපත් කළ හැකියි.
ඊමේල් - [email protected]
වස්ඇප් - 076 427 1030
ෆේස්බුක් - www.facebook.com/pucsl
තැපෑලෙන් - තුන්වෙනි විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය 2025
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
කොළඹ 3