
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව එක් ඡන්දයක් පමණක් හිමිවුණා.
ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවයි.
මේ අතර, අද සම්මත වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පතට කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද පස්වරුවේ අත්සන් තැබුවා.
ඒ සමගම එය නීතියක් බවට පත්වනවා.