/
/
title icon
පද්මේ සමඟ සමීප සබඳතා පැවැත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුත් අත්අඩංගුවට
පද්මේ සමඟ සමීප සබඳතා පැවැත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුත් අත්අඩංගුවට
News Editor
1 day ago
Share:
පද්මේ සමඟ සමීප සබඳතා පැවැත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුත් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා කියා සිටියේ. 

‍අදාළ උප පොලිස් පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන අයෙක්. 

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු  අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු පසුගියදා දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරුවලට අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required