
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද දහවල් 1.15ට පමණ පිටත්ව ගියා.
ඒ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබාදී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීම හේතුවෙන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ සම්මත වූ පනතට අනුව ඔහුටද එම වරප්‍රසාදය අහිමි වී ගියා.
ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත පිටත්ව ගියා.
එලෙස පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 5.00ට පමණ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට පැමිණියා.
එම අවස්ථාවට ඔහුගේ පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන්ගෙන් හිටපු ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.


