/
/
title icon
"කබීර්ට" අලුත් තනතුරක්
"කබීර්ට" අලුත් තනතුරක්
News Editor
2 hours ago
Share:
"කබීර්ට" අලුත් තනතුරක්

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්වුණා. 

ඒ, 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයී‍. 

සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරනු ලැබුවා. 

අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා පැවසුවේ දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම කාරක සභාවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා සිදුකළ කාර්යභාරය මෙහිදී අගය කළ ඔහු කාරක සභාවේ කාර්යභාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required