/
/
title icon
ලබන අවුරුද්දටත් පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් නොමිලයේම
ලබන අවුරුද්දටත් පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් නොමිලයේම
News Editor
2 hours ago
Share:
ලබන අවුරුද්දටත් පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් නොමිලයේම

රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය එකඟතාවය පළකර තිබෙනවා. 

ඊට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.

එම උත්සවය පැවැත්වුණේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබාදීමට එකඟතාව පළකළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන නානාපති Qi Zhenhong මහතා අතර සිදුවුණා. 

2025 වසර සඳහා වන පාසල් නිල ඇඳුම් රෙදි මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදුන්නේද චීනයයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required