
බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව නෛතික ප්‍රතිපාදන තුළ අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කළේ 2023 වසරේ ජුනි මස 02වන දිනැතිව නිකුත් කරන ලද අදාල චක්‍ර ලේඛය සැප්තැම්බර් 09 වැනිදා සිට බලපැවෙත්වෙන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි.
බස් රථ අලංකරණය සදහා අවසර ලබා දෙන ලෙස විවිධ පාර්ශ්ව වලින් ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් බස් රථවල සැරසිලි හා උපාංග සවිකිරීමට අදාළව කොන්දේසි කිහිපයකට යටත්ව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණා.
