/
/
title icon
අලුත් නේපාල අගමැතිනිය පාර්ලිමේන්තුව විසුරුවයි
අලුත් නේපාල අගමැතිනිය පාර්ලිමේන්තුව විසුරුවයි
News Editor
3 hours ago
Share:
අලුත් නේපාල අගමැතිනිය පාර්ලිමේන්තුව විසුරුවයි

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. 

හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ රාත්‍රියේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාත්මක කර තිබෙනවා. 

ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය 2026 වසරේ මාර්තු 05 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලයද අද දිනයේදී දිවුරුම්දීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required