
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
'B' ාණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විස්සයි විස්ස තරගයකදී මුණගැසෙන තෙවන අවස්ථාව මෙයයි.
පෙර පැවැති තරග දෙක සාජා හා ඩුබායි හිදී පැවති අතර, එම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔවුනොවුන් අබුඩාබි හිදී විස්සයි විස්ස තරගයකදී මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාවද මෙයයි.
මෙම තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩාකළ පළමු තරගයෙන් හොංකොං කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට සමත් වූ අතර, ඒ සමග ඔවුන් 'B' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.