
රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බැකෝ සමන්' නැමැත්තා ලබාදුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙකු අද තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සූරියවැවදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ "සෙවනගල නාමල්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 39 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සූරියවැව ප්‍රදේශයේ වෑන් රථයකින් සැරිසරන බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිත්තෝලයක්, ජීව උණ්ඩ 40ක් හා හෙරොයින් ග්‍රෑම් 250ක්ද පොලීසිය විසින් සොයාගත්තා.