/
/
title icon
2025 වසරේ මේ දක්වා සහල් වැටලීම් 3000ක්
2025 වසරේ මේ දක්වා සහල් වැටලීම් 3000ක්
News Editor
2 hours ago
Share:
2025 වසරේ මේ දක්වා සහල් වැටලීම් 3000ක්

2025 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ මුළු වැටලීම් 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග සඟවා තැබීම, පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීම් ඇතුළු සහල් සම්බන්ධ වැටලීම් ඒ අතර වන බවයි.

එමෙන්ම, වැඩි මිලට සහල් විකිණීම් සම්බන්ධ වැටලීම් දහසකට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවද පැවසූ එම අධිකාරිය පැවසුවේ ඒ මගින් පුද්ගලයින් 900කට අධික ප්‍රමාණයකට අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කළ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required