/
/
title icon
අයිස්වලට සොයන සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානමින්
අයිස්වලට සොයන සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානමින්
News Editor
2 hours ago
Share:
අයිස්වලට සොයන සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානමින්

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා.

එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරිගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳ විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළා.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required