/
/
title icon
අයිස්වලට හෙවූ සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි
අයිස්වලට හෙවූ සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි
News Editor
3 hours ago
Share:
අයිස්වලට හෙවූ සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් වුණා. 

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ පසුගිය 15 වැනිදා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබා දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required