/
/
title icon
ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්
ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්
News Editor
14 hours ago
Share:
ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්

ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

‍ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ මෙම කම්පන තත්ත්වය වාර්තා වී ඇතැයි සඳහන්. 

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ භූ කම්පනය වාර්තා වී ඇත්තේ අද පස්වරු 4.06ට පමණ බවයි.

මෙම භූ කම්පනය මහකනදරාව, හක්මණ, පල්ලෙකැලේ සහ බුද්ධංගල සවිකර ඇති භූ කම්පන මාන හතරේම සටහන් වී ඇති බවද එම කාර්යාංශය සඳහන් කළා. 

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ භූ කම්පනය හේතුවෙන් කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් නොමැති බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required