/
/
title icon
සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
News Editor
1 hour ago
Share:
සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

2025 - (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 09 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මගින් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද, අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුයි.

පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කළ යුතුයි. 

එමෙන්ම ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required