/
/
title icon
ලංගමට අලුත් සමාගමක්
ලංගමට අලුත් සමාගමක්
News Editor
1 hour ago
Share:
ලංගමට අලුත් සමාගමක්

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නව සමාගමක් ලෙස ලංකා මෙට්‍රො බස් සමාගම ලබන ඔක්තෝබර් 08 වැනිදා පිහිටුවන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. 

සම්පූර්ණයෙන්ම සියයට සියයක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සමාගමක් ලෙස මෙම සමාගම පිහිටවන නමුත් එහි ක්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට සමාන වන බවද අමාත්‍යවරයා කියා සිටියා. 

2026 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට දුර ගමන් ධාවනයේ නිරත සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා මගීන්ට ද ආරක්ෂක බඳ පටි පැළඳවීම අනිවාර්ය කරන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා. 

"පුනරුදයට මග" තේමාව යටතේ බස් ඩිපෝ 25 ක් නවීකරණය කිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් තලංගම ඩිපෝ පරිශ්‍රයේදී පැවැති වැඩසටහන අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පැරණි ලේලන්ඩ් සහ ටාටා බස් රථ වල ආරක්ෂිත බද පටි සවි කර නැති නිසා අලුතින් එයට බද පටියක් සකස් කරන ලෙස ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශවලට දැනුම් දී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required