
විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් විරෝධය පළ කරමින් ඉන් පිටත්ව ගොස් තිබෙනවා.
ලංවිම ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සභාගිවී සිටි බවත් ඔහුට විරෝධය පළකරමින් විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 25 දෙනෙකු සහ වෘත්තීය සමිති නියෝජිතයින් තිදෙනෙකු සහභාගීවී සිටි බවයි වාර්තා වන්නේ.
විදුලි සේවකයින් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹෙන 21 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
එමෙන්ම විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වැනිදා තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.