/
/
title icon
තංගල්ලේ ලොරි තුනකින් හෙරොයින් සහ අයිස් කිලෝ 600ක්
තංගල්ලේ ලොරි තුනකින් හෙරොයින් සහ අයිස් කිලෝ 600ක්
News Editor
2 hours ago
Share:
තංගල්ලේ ලොරි තුනකින් හෙරොයින් සහ අයිස් කිලෝ 600ක්

හෙරොයින් කිලෝග්‍රෑම් 245ක්, අයිස් කිලෝග්‍රෑම් 380ක්, පිස්තෝල 05ක් සහ ටී -56 ගිනි අවියක් පොලීසිය තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී සොයාගෙන තිබෙනවා. 

ඒ අනුව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත විශාල ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණා.

එම ප්‍රදේශයේ අළුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද උදෑසන සොයාගත් අතර ඒ ආසන්නයේ නවතා තිබිය දී මෙම ලොරි රථය හමුවුණා.

මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අදාළ නිවස අසල නවතා තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත්තා.

මේ අතර, අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයා ගැණුනා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required