
2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩල පවසනවා.
එම මණ්ඩලය සඳහන් කරන්නේ, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 11554.32ක් බවත් එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61% ක වර්ධනයක් බවයි.
2025 අගෝස්තු මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,607.58ක්.
මෙය 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2.57%ක වාර්ෂික වර්ධනයක් වනවා.