/
/
title icon
ජනපති ජගත් මහා මණ්ඩල සැසිය අමතයි
ජනපති ජගත් මහා මණ්ඩල සැසිය අමතයි
News Editor
3 hours ago
Share:
ජනපති ජගත් මහා මණ්ඩල සැසිය අමතයි

දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අද අලුයම අමතමින්.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් පෙන්වා දුන්නේ දූෂණයට එරෙහි සටන ලොව සෑම රටකම සංස්කෘතියේ කොටසක් බවට පත්විය යුතු බවයි. 

මත්ද්‍රව්‍ය සහ ඒ හා බැදුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වර්තමාන ලෝකයේ නවතම ගැටලුවක් වී ඇති බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කළා.

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිලිගන්නා අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් නතර කිරීම සඳහා ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් වැඩිදුරටත් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required