
කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඉන්දුනීසියාවට පැමිණ ඇති බව කෙහෙල්බද්දර පද්මේට පොලිසියෙන්ම ඔත්තුවක් ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙනවා.
මේ පිළිබඳ හෙළිව ඇත්තේ සිදුකරමින් පවතින විමර්ශන අතරතුරදීයී.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුව ද මෙරට පොලිසිය හරහාම ඔහු වෙත ඔත්තුවක් ලෙස ලබාදී ඇති බවත් වාර්තා වනවා.