/
/
title icon
ජනපති අනුර ජපානයට
ජනපති අනුර ජපානයට
News Editor
2 hours ago
Share:
ජනපති අනුර ජපානයට

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.

එහිදී  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා, ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසින් ජනාධිපතිවරයාව හරසරින් පිළිගනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනවා.

අද ජපානයේ ඔසාකාහි පැවැත්වෙන “එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබනවා.

සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක් හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required