
අනාගතයේ දී ලොකු ව්‍යාපාරිකයෙක්, ලොකු ව්‍යවසායකයෙක් බිහිවෙන්නෙ වත්මනයේ දී ඔබ ඒ වෙනුවෙන් යොදවන ශ්‍රමශක්තිය මත. උත්සහය, කැපවීම, ආත්ම විශ්වාසය තියෙනවානම් ඒ පුද්ගලයාගේ ගමනේ සාර්ථකත්වය නියතයි. අද සමාජය තුළ සාර්ථකත්වය කරා ගොස් තිබෙන ගොඩක් අය ඒ දේවල් ළඟා කරගෙන තියෙන්නේ ඔවුන්ට පරම්පරා උරුමයෙන් ලැබුණු දේවල් ආධාරයෙන් නොව බින්දුවෙන් පටන්ගෙන මහන්සියෙන් උපයාගත් වත්කම නිසා නොවේද. ඉතින් මේ විදිහට සාකච්ඡාව ආරම්භ කරන්න සිතුනේ අද අපගේ කතාබහට එකතු වී සිටින ව්‍යවාසයකයෙක් නිසා. ‘තුරු මන්දාකිණි’ කියලා කියන්නේ ඔහුගේ මේ ව්‍යාපාර සංකල්පයේ නාමයයි. ඉතින් අපි වැඩිදුරටත් මේ සම්බන්ධව සාකච්ඡා කරමු. තුරු මන්දාකිණි ව්‍යාපාර ජාලාවේ අධිපති ඩිල්ෂාන් කුලරත්න ඔබව ආයුබෝවන් කියලා පිළිගන්නවා අද අපගේ සාකච්ඡාවට.
මුලින්ම ඔබ ගැන සහ ඔබේ පවුල් පසුබිම පිළිබඳ හඳුන්වා දෙමින් අපේ සාකච්ඡාව ආරම්භ කරමු…
මගේ පවුලේ විස්තර කිව්වොත් මගේ පවුලේ ඉන්නේ තාත්තයි, මල්ලියී, මමයි. අම්මා නම් දැන් ජීවතුන් අතර නැහැ. මම ගත්තොත් මම උසස් පෙළ වෙනකම් මගේ අධ්‍යාපන කටයුතු හදාරා තියෙනවා. ඉතින් මම උසස් පෙළ සමත් වුවද එතනින් එහාට උසස් අධ්‍යාපනය හදාරන්න පෙළඹුණේ නැහැ. උසස් පෙළින් පසුව මගේ මේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන්න තමයි මම කටයුතු කළේ.
ව්‍යවසායකයෙක් විදිහට ඔබේ මේ ගමන නැතිනම් ඔබේ මෙම ‘තුරු මන්දාකිණි’ ව්‍යාපාරය ආරම්භවුණේ කොහොම ද?...
ඔව් මෙහෙමයි මම පොඩි කාලේ ඉඳලා තවත් කෙනෙක් යටතේ රැකියාවක් කිරීමට එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. මට පොඩි කාලේ ඉඳලම තිබුණු ආසාවක් තමයි තමන්ගෙ කියල යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යන එක. නමුත් උසස් පෙළ අවසන් කිරීමෙන් අනතුරුව මට එකපාරටම අදහසක් ආවේ නෑ කොතනින්ද මම මේ දේවල් පටන් ගන්නේ කියන කාරණය. අපේ තාත්තත් ව්‍යාපාර කටයුතු තමයි කරන්නේ. ඉතින් තාත්තාගෙන් ලැබුණු පන්නරයත් සමග මගේ තිබුණු කැමැත්තත් එක්ක තමයි මම මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න පෙළඹුණේ.
ජනතාව අතරට විශේෂයෙන් මෙම අනර්ඝ නිෂ්පාදන රැගෙන එන්න ඔබ භාවිත කළ ශිල්ප ක්‍රම මොනවා ද?....
මෙහෙමයි මල් පෝච්චි වගේ දේවල් තමයි මුලින්ම නිෂ්පාදනය කරන්න අපි පටන් ගත්තේ. ඒ කියන්නේ අපේ තාත්තාගේ වෙනම වැඩපළක් තියෙනවා. ඉතින් එතන නිෂ්පාදනය කරපු වර්ගයේ මල් පෝච්චි තමයි අපි මුලින්ම නිෂ්පාදනය කරන්න ගත්තේ. ඉතින් සාමාන්‍යයෙන් මාස හයක් විතර මම ඒ දේ විතරක් කරලා බැලුවා. නමුත් ඒකෙන් මට කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් සති දෙකකට විතරසැරයක් එක කස්ටමර් කෙනෙක් එන අවස්ථා නොසෑහෙන්න තිබුණා. ඉතින් ඒ තත්ත්වයත් සමග ගොඩක් කල්පනා කරලා බැලුවා අපි මේකට මොකක්ද කරන්නෙ කියලා. එතනදි අපි මේ මල් පෝච්චිවල හැඩය, වර්ණය පවා වෙනස් කරලා බැලුවා. නමුත් එයිනුත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම මේ නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් දැනට සමාජයේ වැඩි ඉල්ලුමක් තිබෙන භාණ්ඩ කෙරෙහි අවධානය යොමු කළා. ඉතින් මේ වෙද්දි මම බුදුපිළිම, බුදුපිළිම පහන් කණු, විසිතුරු භාණ්ඩ, වෙනත් කැටයම් නිෂ්පාදන ආදිය නිර්මාණය කිරීම සිදුකරනු ලබනවා. මීට අමතරව මල් පැළ, එළවළු සහ පලතුරු තවානක් ද සිදුකරගෙන යනවා. ඉතින් මගේ මෙම නිෂ්පාදන නිර්මාණය කළ මුල් අවධියේ සිටම සීට්ටු ක්‍රමයට එම නිෂ්පාදන අලෙවි කිරීම සිදුකරනු ලැබුවා. මොකද මෙවැනි ව්‍යාපාරයක මූලික අවධියේදී ලොකු වත්කමක් අප සතුව නොමැති නිසා පාරිභෝගික ප්‍රජාව අප වටා ඒකරාශී කර ගැනීමට එය හොඳ ක්‍රමයක් විදිහට මම දකිනවා. අදටත් මෙම සීට්ටු ක්‍රමය මම මගේ ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම මගේ නිෂ්පාදන සදහා මම ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා අලෙවිකරණ කටයුතු සිදුකරගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉතින් මේ දේවල් තමයි මම මගේ ව්‍යාපාර සදහා යොදාගත් ක්‍රමශිල්ප.
ඔබගේ මෙම ව්‍යාපාර කටයුතු සදහා පවුලෙන් ලැබෙන සහයෝගය කෙබඳු ද?...
ඇත්තටම මට මේ දේ කරගෙන යන්න ගොඩක් මේ සම්බන්ධව දැනුම අවශ්‍යයි. ඉතින් එතනදි අපේ තාත්තගේ සහයෝගය මට ගොඩක්ම ලැබෙනවා. මොකද තාත්තා අපිට කලින් මේ ක්ෂේත්‍රය තුළ මේ වගේ ව්‍යාපාර වැඩ කටයුතුවල නිරත වුණු කෙනෙක් නිසා ඔහු සතුව මේ සම්බන්ධව ලොකු දැනුමක් තියෙනවා. ඉතින් ඒක මට ලොකු ශක්තියක් ඇත්තටම. ඒ වගේම මගේ සහෝදරයා මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඔහුගෙනුත් ඇත්තටම මගේ සෑම වැඩකටයුත්තකටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් පවුල කියන්නේ ඇත්තටම ලොකු හයියක් මට.
ඉතින් ඔබගේ මෙම ව්‍යාපාර කටයුතු මේ ආකාරයට කරගෙන යන එක සුළුපටු කර්තව්‍යක් නෙමේ. ඉතින් මෙම ව්‍යාපාරික ක්‍රියාවලිය පිළිබඳ ඔබට හැගෙන්නෙ කොහොම ද?....
ඔව් ඇත්තටම මෙතන හැමදේම තීරණය වෙන්නේ මැනේජ්මන්ට් එක හරහා. මෙතන සම්පූර්ණ කළමනාකරණය තියෙන්නේ මගේ අතේ. මම මගේ ළඟ වැඩ කරන අයට වෙන වෙනම වගකීම් පවරලා දීලා තියෙනවා. මෙහිදී හැම සෙක්ෂන් එකකටම, ඒ කියන්නේ අපේ මෙතන වැඩ කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ සෙක්ෂන් එකෙන් සෙක්ශන් එකට අපි ලීඩර් කෙනෙක් පත් කරලා තියෙනවා ඒ ඒ අංශයේ වැඩ බලා ගැනීම සඳහා. එතකොට ඒ කෙනා යටතේ තමයි ඒ අංශයේ අනෙකුත් සේවකයන් වැඩ කටයුතු සිදුකරගෙන යන්නේ. ඇත්තටම ඒ ක්‍රමය මට ලොකු පහසුවක් වෙලා තියෙනවා මගේ මේ වැඩ කටයුතු සඳහා. ඒ වගේම ඒ ක්‍රමය හරහා අපේ අඩුපාඩු, වෙනස් විය යුතු දේවල් ඉතා පහසුවෙන් හඳුනගන්න පුළුවන් වී තියෙනවා.
මෙම නිෂ්පාදන මෙරටින් ඔබ්බට අලෙවිකිරීමක් මේ වන විට සිදුවෙනවා ද? ඒසේත් නැතිනම් එලෙස අලෙවිකරන්නට ඔබ තුළ අදහසක් තියෙනවා ද?....
දැනට අපේ නිෂ්පාදන අපි ලංකාව තුළ පමණයි අලෙවි කිරීම සිදුකරනු ලබන්නේ. ඇත්තටම මෙරටින් ඔබ්බට නිෂ්පාදන අලෙවි කිරීම කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක්. ඉතින් අදහසක් තියෙනවා අනාගතයෙ දවසක ලංකාවෙන් එහාට අපේ නිෂ්පාදන රැගෙන යන්න.
තමන්ගේම කියලා මේ ආකාරයට ව්‍යාපාරයක් දියත් කිරීමට බලපොරොත්තු වන ව්‍යවසායක ප්‍රජාව වෙනුවෙන් ඔබට කියන්න තියෙන්නේ කුමක් ද?....
මෙහෙමයි මගේ අදහස නම් තවත් තැනක තවත් එක් සේවකයෙක් විදිහට වැඩ කරනවට වඩා තමන්ගෙ දැනුම යොදාගෙන මේ විදිහට තමන්ගෙම ව්‍යාපාරයක් සිදු කරන්න මූලික පියවර තබන්න හැමවෙලේම උත්සහ කරන්න. මොකද මම එහෙම කියන්නේ සමහරු ඒ දේ කරන්න බයක් තියෙනවා. ඉතින් එහෙම නොවී තමන් පිළිබඳ හොද ආත්ම විශ්වාසයක් හැමවෙලේම ඇතිකරගන්න. ඒ වගේම තවත් කෙනෙක්ව කොපි කරන්නේ නැතුව ඒ කෙනාගෙන් ගන්න පුළුවන් දැනුම පමණක් අරගෙන තමන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරය කෙරෙහි හොඳින් අවධානය යොමු කරන්න. එනම් යම් නිෂ්පාදනයක් ඔබ සිදුකරන්න ගත්තොත් මේ නිෂ්පාදනයට ජනතාවගේ ඉල්ලුම කොහොමද?, මේ දේ ජනතාව අතරට යවන්නෙ කොහොමද? වශයෙන් ඒ සම්බන්ධව රිසර්ච් කිරීම වැදගත්. හැමතිස්සෙම තමනුත් පාරිභෝගිකයෙකු යැයි සිතා හොඳම දේ හොඳම ආකාරයට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ව්‍යාපාරයක් කිරීමේදී බජට් මැනේජ්මන්ට් එක හරි වැදගත්. කොතනකදිවත් තමන්ගේ පුද්ගලික ජීවිතය සහ මේ ව්‍යාපාර ක්ෂ්ත්‍රය කියන දෙක පටලවගන්න එපා. ඒකෙන් මනි බැලන්සින් එක නැතිවෙනවා. ඒ නිසා මුදල් කියන දේ නිසි පරිදි කළමනාකරණය කරගන්න හැමවෙලේම වග බලා ගත යුතුයි.
ඉතින් අද දවසේ අපගේ සාකච්ඡාව මෙතනින් නිමයි. ඔබගේ වටිනා කාලය කැපකරමින් සන්නස අපිත් සමග සාකච්ඡාවට පැමිණි ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතර ඔබගේ ඉදිරි සියලුම ව්‍යාපාර වැඩකටයුතු සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.
උපේක්ෂා තඹවිට