/
/
title icon
ඔටෝ ඩීසල් ඇතුළු ඉන්ධන කිහිපයක මිල පහළට
ඔටෝ ඩීසල් ඇතුළු ඉන්ධන කිහිපයක මිල පහළට
News Editor
1 hour ago
Share:
ඔටෝ ඩීසල් ඇතුළු ඉන්ධන කිහිපයක මිල පහළට

අද මැදියම් රැයේ සිට ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 335ක් වනවා.

ලංකා භූමිතෙල් මිලද රුපියල් 05කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 180ක්.

කෙසේ වෙතත්,  ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required