/
/
title icon
ආහාර විෂවීමකින් ළමයින් 45ක් රෝහලට
ආහාර විෂවීමකින් ළමයින් 45ක් රෝහලට
News Editor
2 hours ago
Share:
ආහාර විෂවීමකින් ළමයින් 45ක් රෝහලට

හිඟුරක්ගොඩ - බකමූණ අධ්‍යාපන කොට්ඨාසයේ, කෝට්ටපිටිය කනිටු විදුහලේ ළමයි 45කට ආසන්න සංඛ්‍යාවක් ආහාර විෂ වී රෝහල් ගත කර තිබෙනවා.

අදට යෙදී තිබුණු ලෝක ළමා දිනයට සමගමීව එම විද්‍යාලයේ පවත්වා තිබූ වැඩසටහනකදී ලබාදුන් ආහාර වේලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව සඳහන්.

අදාළ වැඩසටහන අවසන් වී දරුවන් නිවෙස්කරා ගිය පසු මෙම අසාත්මිකතාව ඇතිව තිබෙනවා.

ඒ සමග එක් එක් දෙමව්පියන් තම දරුවන් බකමූණ ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන පැමිණ තිබෙනවා.

ඉන් දරුවන් කිහිප දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇතැම් අය ප්‍රතිකාර ලබා නිවෙස් ගොස් ඇති බව සඳහන්.

පාසලේ සමස්ත සිසුන් සංඛ්‍යාව 230කට ආසන්න වන අතර, එම සියල්ලට මෙම ආහාර වේල ලබා දී තිබෙනවා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required