/
/
title icon
ඔක්තෝබරයේ ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ
ඔක්තෝබරයේ ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ
News Editor
9 hours ago
Share:
ඔක්තෝබරයේ ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම සමාලම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482ක්.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් නොවෙනස්ව පවතිනවා.

මේ අතර, මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේද කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required