/
/
title icon
පුටින් දෙසැම්බරයේ ඉන්දියාවේ
පුටින් දෙසැම්බරයේ ඉන්දියාවේ
News Editor
2 hours ago
Share:
පුටින් දෙසැම්බරයේ ඉන්දියාවේ

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. 

ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා පුටින් මෙලෙස පැමිණෙන අතර, බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් 5-6 දිනවල සිදුකරනු ඇති බව සඳහන්.

පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සිදුකළ රුසියානු සංචාරයේදී පුටින් ඉන්දියාවේ සංචාරයකට එක්වන බව සඳහන් වුවද, කාලසීමාව පිළිබඳ නිල සඳහනක් පැවතියේ නැහැ.

කෙසේ වෙතත්, පසුගියදා චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවේදී අගමැති මෝදි හා රුසියානු ජනාධිපතිවරයා  අතර හමුවක් සිදුවුණා.

එහිදී නායකයින් දෙදෙනා පුටින්ගේ ලිමොසින් රථයේ ගමන්කර ඇති අතර, පැයක කාලයක් සංවාදයකද නිරත වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required