/
/
title icon
කෝටි ගණන් වත්කම් ඇති මහින්දගේ රැකවලා නෙවිල් රිමාන්ඩ්
කෝටි ගණන් වත්කම් ඇති මහින්දගේ රැකවලා නෙවිල් රිමාන්ඩ්
News Editor
2 hours ago
Share:
කෝටි ගණන් වත්කම් ඇති මහින්දගේ රැකවලා නෙවිල් රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

රුපියල් මිලියන 28කට අධික වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත්වීමේ චෝදනා මත මොහු අත්අඩංගුවට ගැනුණා.

විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව එම නිලධාරීන් විසින් අද දහවල් ඔහුව අත්අඩංගුවට ගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required