/
/
title icon
පද්මේගේ අම්මාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
පද්මේගේ අම්මාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
News Editor
10 hours ago
Share:
පද්මේගේ අම්මාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ, සිය පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතිවිරෝධී බව ප්‍රකාශ කරමින්.

ඒ අනුව ඇය විසින් හබයාස් කෝපුස් සහ රිට් අධිකරණ බලය මගින් නියෝගයක් ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර ඇති බව සඳහන්.

පෙත්සමේදී ඇය විසින් නඩුව අවසාන තීරණය ගන්නා තෙක් රැඳවියා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවෙන් පිටත ඕනෑම ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා අතුරු සහනයක් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව මෙම කාරණය විභාගයට ගත් විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ නඩුවේ කරුණු පරීක්ෂා කර තහවුරු කරන තුරු රැඳවියා වෙනත් ස්ථානයකට මාරු නොකරන බවයි.

රැඳවියා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා සිටින අතරතුර අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන සියලුම පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.

මෙම පෙත්සම චමීර හපුතන්ත්‍රී මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න, සෙනාල් මතුගන, නාලක සමරකෝන්, රජින්ද්‍ර කන්දෙගෙදර යන මහත්වරු පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින අතර නඩුව එළැඹෙන 23 වැනිදා කැඳවීමටද නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required