/
/
title icon
කජ්ජාගේ පුතාගෙන් ප්‍රකාශයක් ගැනීමට CIDය සැරසේ
කජ්ජාගේ පුතාගෙන් ප්‍රකාශයක් ගැනීමට CIDය සැරසේ
News Editor
9 hours ago
Share:
කජ්ජාගේ පුතාගෙන් ප්‍රකාශයක් ගැනීමට CIDය සැරසේ

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්ථාවේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා තාජුඩීන්ගේ රථයට පිටුපස ගමන්ගත් සැකකටයුතු රථයක සිටි බවට කජ්ජාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කර තිබුණා.

ඒ, එම නිලධාරීන් පෙන්වූ සීසීටීවී දර්ශනවල සැකකටයුතු රුවක් හඳුනාගනිමින්.

කෙසේ වෙතත්, පසුව කජ්ජාගේ 17 හැවිරිදි පුත්‍රයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිය මව කළ අනාවරණය ප්‍රතික්ෂේප කළා.

අදාළ වීඩියෝව සිය පියාගේ පවුලේ ඥාතීන්ටද පෙන්වා ඒ ගැන පරීක්ෂාවක් නොකරන්නේ ඇයිදැයි ඔහු පොලිසියෙන් විමසා සිටියා.

කෙසේ වෙතත්, රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළා.

මෙවන් පසුබිමක අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් ඉදිරියේදි කජ්ජාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required