/
/
title icon
දෙහිවලින් පරෙවියෝ 32ක් උස්සයි
දෙහිවලින් පරෙවියෝ 32ක් උස්සයි
News Editor
1 hour ago
Share:
දෙහිවලින් පරෙවියෝ 32ක් උස්සයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටි පරෙවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇති බව එහි පාලනාධිකාරිය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේ මේ පිළිබඳ දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

පසුගිය සිකුරාදා රාත්‍රී කාලයේදී හෝ සෙනසුරාදා අලුයම් කාලයේදී මෙම සතුන් සොරකම් කරන්නට ඇතැයි සැකකරන බව ඔහු තවදුරටත් සඳහන් කළා.

සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරකම් කර ඇති අතර එම පරෙවියන් අධිකරණ නියෝග යටතේ විවිධ අවස්ථාවන්වලදී නඩු භාණ්ඩ ලෙස දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිට ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග යටතේ සත්ත්වෝද්‍යානයේ එම සතුන් සිටි අංශය භාරව කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත්, මෙතෙක් මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයෙකු හෝ සොරාගත් පරෙවියන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව දෙහිවල පොලිසිය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required