
වප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද චන්ද්‍රයා "සුපර් මූන්" ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.
ඒ අනුව, අද දිනයේ චන්ද්‍රයා, සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව 7%ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් දිස්වන බව එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස මහතා කියා සිටියා.
චන්ද්‍රයා "සුපර් මූන්" ලෙස දිස්වන අවස්ථා වසරකට කිහිප වරක් දැක ගත හැකි වන අතර ඉලිප්සාකාර කක්ෂයේදී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම අද දිනයේ පුර්ණ චන්ද්‍රයා අසලින් සෙනසුරු ග්‍රහයාද නිරීක්ෂණය කළ හැකි බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස මහතා තවදුරටත් කියා සිටියා.