/
/
title icon
ප්‍රශ්නගත බහාලුම් ගැන විපක්ෂය විශේෂ කාරක සභාවක් ඉල්ලයි
ප්‍රශ්නගත බහාලුම් ගැන විපක්ෂය විශේෂ කාරක සභාවක් ඉල්ලයි
News Editor
3 hours ago
Share:
ප්‍රශ්නගත බහාලුම් ගැන විපක්ෂය විශේෂ කාරක සභාවක් ඉල්ලයි

ඇති වූ තදබදය හමුවේ කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද කථානායකවරයා වෙත භාරදුන්නා.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන යන මහත්වරුන් එක්ව සිටියා.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතාද එක්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required