/
/
title icon
නිල සංචිතයේ වැඩිවීමක්
නිල සංචිතයේ වැඩිවීමක්
News Editor
2 hours ago
Share:
නිල සංචිතයේ වැඩිවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී 1.1%කින් ඉහළ ගොස් තිබෙනවා.

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස දැක්වුණු අතර එය සැප්තැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේදී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required