/
/
title icon
රන් මිලේ දැනෙන වෙනසක් - පවුම ලක්ෂ තුන පනී
රන් මිලේ දැනෙන වෙනසක් - පවුම ලක්ෂ තුන පනී
News Editor
2 hours ago
Share:
රන් මිලේ දැනෙන වෙනසක් - පවුම ලක්ෂ තුන පනී

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබුණා.

ඊයේ දිනයේ රු. 290,500ක්ව පැවති මෙරට කැරට් 22 රන් පවුමක මිල අද පෙරවරුව වනවිට රු 296,000 දක්වා ඉහළ ගියා.

කෙසේ වෙතත්, අද දිනය තුළ අවස්ථා තුනකදී රන් මිල ඉහළගොස්, පස්වරුව වනවිට කොළඹ හෙට්ටිවීථිය වෙළඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 303,400 සීමාවට පැමිණ තිබුණා.

මේ අතර, ඊයේ රුපියල් 314,000 ක් වූ කැරට් 24 රන් පවුමක මිලද අද සවස වනවිට රුපියල් 328,000 දක්වා ඉහළ ගියා.

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා යනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required