/
/
title icon
සජබ - එජාප හවුලක්
සජබ - එජාප හවුලක්
News Editor
3 hours ago
Share:
සජබ - එජාප හවුලක්

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයේ අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳ ඒකමතිකව තීන්දු කළ බව ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required