/
/
title icon
විදෙස් කතුන්ගෙන් බලෙන් මුදල් ගත් තුන්සක රියදුරෝ දෙකක් අත්අඩංගුවට
විදෙස් කතුන්ගෙන් බලෙන් මුදල් ගත් තුන්සක රියදුරෝ දෙකක් අත්අඩංගුවට
News Editor
7 months ago
Share:
විදෙස් කතුන්ගෙන් බලෙන් මුදල් ගත් තුන්සක රියදුරෝ දෙකක් අත්අඩංගුවට

සංචාරකයින් ලෙස දිවයිනට පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 48 වයස්වල පසු වූ ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බව සඳහන්.

ඔවුන් දෙදෙනා සංචාරයන් සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හා බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් රුපියල් 10,000ක් හා රුපියල් 30,000ක් ලෙස අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් ලබාගෙන තිබෙනවා. 

ඒ පිළිබඳ පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි 2ක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කුරුඳුවත්ත හා කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත වැඩිදුර විමර්ශන සඳහා ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required