
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය ලබන 14 වැනි අඟහරුවාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා උපයෝගිතා කොමිසමට යෝජනා කළ අතර, ඒ පිළිබඳ මහජන අදහස් විමසීම පසුගිය දිනවල දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි සිදුකෙරුණා.
එම සියලු යෝජනා සහ අදහස් මෙන්ම කොමිසමේ නිලධාරීන්ගේ ස්ථාවරයන් සැලකිල්ලට ගෙන විදුලි ගාස්තුව පිළිබඳ තීරණය ගැනීමට නියමිතයි.