/
/
title icon
වතු කම්කරු දෛනික වැටුප 1750ක් කරනවා - ජනපතිගෙන් සහතිකයක්
වතු කම්කරු දෛනික වැටුප 1750ක් කරනවා - ජනපතිගෙන් සහතිකයක්
News Editor
2 hours ago
Share:
වතු කම්කරු දෛනික වැටුප 1750ක් කරනවා - ජනපතිගෙන් සහතිකයක්

මෙම වසර තුළදී වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

බණ්ඩාරවෙල පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ කඳුකර මලයගම් ප්‍රජාවට එම හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ බණ්ඩාරවෙලදී ආරම්භ වුණා.

එහිදී නිවාස හිමිකම් පත් ලබන ප්‍රතිලාභීන් 2000දෙනා සංකේතවත් කරමින් හිමිපත්කම් ප්‍රදානය ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required