
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසුවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද කැඳවූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මේ වසරේ තුන්වන විදුලි ගාස්තු සංශෝධනය සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණා.