/
/
title icon
ඉෂාරා නේපාලයෙන් දිවයිනට
ඉෂාරා නේපාලයෙන් දිවයිනට
News Editor
3 hours ago
Share:
ඉෂාරා නේපාලයෙන් දිවයිනට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවුණා.

ඉෂාරා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 13 වැනිදා නේපාලයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය ඇතුළු කණ්ඩායම රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානය කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද පස්වරු 6.52ට පමණ පැමිණියා.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතයි.

එමෙන්ම, සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required