
මේ වනවිට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියා.
එමෙන්ම, අමාත්‍යාංශ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ ආරක්ෂිත විශේෂාංග වැඩිකොට සකස් කළ නව රියදුරු බලපත්‍රයද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කරන බවයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබාගැනීමටද සියලු කටයුතු සම්පාදනය කර අවසන් බව එහිදී ඔවුන් කාරක සභාව දැනුම්වත් කළා.
නිකුත් කිරීමට පවතින රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා ඒවා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමටද මෙහිදී කාරක සභා සභාපතිවරයා, නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
එමෙන්ම, වාහන අංක තහඩු නිකුත් කිරීම පිළිබඳව එහිදී ඔහු නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කළා.
ඒ අනුව මේ වනවිට ඒ සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර අමාත්‍ය මණ්ඩල අනුමතියෙන් පසුව එම ක්‍රියාවලිය අවසන් කර අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව නිලධාරීන් කාරක සභාවට පැවසුවා.