/
/
title icon
යළිත් ට්‍රම්ප් - පුටින් හමුවක්
යළිත් ට්‍රම්ප් - පුටින් හමුවක්
News Editor
15 hours ago
Share:
යළිත් ට්‍රම්ප් - පුටින් හමුවක්

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හංගේරියාවේදී හමුවීමට නියමිතව තිබෙනවා.

ඔවුන් දෙදෙනා අද දුරකතන සංවාදයක නිතර වූ බවත්, එහිදී මෙම එකඟතාවට පැමිණි බවත් ට්‍රම්ප් පැවසුවා.

ඒ අනුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ උපදේශකයින් කණ්ඩායමක් රුසියානු බලධාරින් ලබන සතියේදී හමුවීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරු දෙපළ හමුවන දිනය තීරණය කරනු ඇති.

බොහෝ දුරට ට්‍රම්ප් - පුටින් හමුව හංගේරියාවේ අගනුවර මෙන්ම විශාලතම නගරය ලෙසින් සැලකෙන බුඩාපෙස්ට් හිදී පැවැත්වෙනු ඇති බව සඳහන්.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි වොෂින්ටන් හිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා හෙට හමුවීමට නියමිතව ඇති පසුබිමක මෙම දුරකතන සංවාදය පැවැත්වීම විශේෂත්වයක්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required