
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එහි සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවයි.
එබැවින් බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් බව ඔවුන් පෙන්වා දෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බවත්, අනෙකුත් දේශපාලන පක්ෂ සමගද සිය පක්ෂය සාකච්ඡා කළ යුතුව පවතින බවත් එම නිවේදනයේ සඳහන්.
තවද පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවටද එකඟත්වය පළ කර තිබෙනවා.
සමගි ජනබලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකි බවද වැඩිදුරටත් එමඟින් දැනුම් දෙනවා.