/
/
title icon
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි
News Editor
23 hours ago
Share:
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ, පසුගිය ඔක්තෝබර් 15 වැනිදා වනවිට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ සංඛ්‍යාලේඛනවලට අනුවයි. 

එම සංඛ්‍යාලේඛන අනුව මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගියා.

දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ආසන්නයටම පැමිණ තිබෙනවා.

ඉන්දියාවෙන් මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන 396,274ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required