
බංග්ලාදේශයේ ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ ගින්නක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එහි සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
සිද්ධියෙන් පසු ගුවන් තොටුපළ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ සහ බංග්ලාදේශ ගුවන් හමුදා ගිනිනිවන ඒකකයේ මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර ඇතැයි සඳහන්.