
දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු දැනට විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර්නනේ, රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් අඩි හය බැගින් විවෘත කර ඇති බවයි.
ඉන් තත්පරයට ඝන අඩි 8,352ක ජල ප්‍රමාණයක් පහළ ප්‍රදේශවලට මුදා හැරෙනවා.
මේ අතර, අංගමුව වැවේ වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 2,994ක් ජල ප්‍රමාණයක් ඉන් මුදා හැරෙන බව සඳහන්.