
ලබන 21 වැනිදායින් පසු පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවයි.
එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.